ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුත් මරුට !

Date:

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ (03) දහවල් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ උණ රෝගයකින් පෙළෙමින් සිටි 28 හැවිරිදි තරුණයෙකි.

ඔහුත් සමග ගාල්ල බන්ධනාගාරයේ සිව්දෙනෙකු උණ රෝගයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබී ඇත.

අදාළ රැඳවියාගේ මරණයට හේතුව මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය බවට සැක කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

මීට පෙර මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...