BREAKING දැනෙන ගණනකින් ඉන්ධන මිල නගී!

රෂිකා හෙන්නායක මාර්තු 21,කොළඹ LNW :

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටත් තීරණය කර ඇත. 

තවද, එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළ අතර,ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි. 

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ, එහි නව මිල රුපියල් 255ක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...