*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මහවැස්සෙන් බාධා, පවුල් 5944 අවතැන් වෙලා

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 5944ක් බලපෑම් ඇති වී තිබෙන බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසීය.

මේ පවුල් 5944ට අයත් සාමාජිකයන් 19959ක් අවතැන් වී ඇති බව ද දිසාපතිවරයා සඳහන් කරයි. ඒ අතරින් හතර දෙනෙකුට තුවාල වී ඇති බව ද ඔහු පැවසීය.දැනට මේ පිරිසෙන් පවුල් 2990 ක 10069ක් ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද දිසාපතිවරයා කියා සිටී.

අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්කයේ නිවාස 143කට අර්ධ හානි සිදු වී තිබේ.
අවතැන් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ආපදා කළමනාකරණය අංශයෙන් කරන බවද ඔහු පැවසීය.

ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ට්ම අඩි 104.7ක් දක්වා පවතින අතර මුලු ධාරිතාව අක්කර අඩි 669200ක් වන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා කියයි.

දැනට වාන් දොරටු අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර එයින් තප්පරයකට ඝන අඩි 2750ක ජලයක් නිකුත් වන බව ද සඳහන් කළේය.

මහඔය පිහිටි රඹකැන්ඔය ජලාශයේ වාන් දොරටු දෙක අඩි 07ක් පෙරේදා (02) විවෘත කර ඇති අතර එය අඩි 03 දක්වා අඩු කළ බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව කියයි.

වැස්ස නිසා ජලයෙන් යට වී ඇති කුඹුරු පිළිබඳව නිශ්චිත තොරතුරු තමන්ට මෙතෙක් නොලැබී ඇති බව අම්පාර ආපදා ඒකකයේ කළමනාකරු එම්.ඒ.සී.මොහමඩ් රියාස් මහතා පැවසිය.

මේ අතර විරගොඩ වැව සහ වලතා පිටිය වැව් වාන් දැමීමට පටන් ගෙන ඇති අතර එයින් කුඹුරු විශාල ප්‍රමාණයක් යටවී තිබෙන බව ප්‍රදේශයේ ගොවීහු පවසති.

මඩකලපුවටත් මහ වැස්ස..

මීට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පඩුවන්කරෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග දෙක වන වෙල්ලාවේලි-මණ්ඩූර් සහ දිවුලාන – වෙල්ලාවේලි ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. පොරදිවුතතුව කලාපයේ වෙතුචේනයි, වෙල්ලාවේලි, මන්ඩුර්, කොවිල්පොර්රතිවු, මුනයිතිවු පට්ටාපුරම්, පෙරියපොරතිවූ, පලුකාමම් ආදී ගම්මාන රැසක ජලය එක්තැන පල්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට ද මුහුණ පා සිටිති.

පොරතිවුපත්තු ප්‍රදේශයට බලපෑ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 288කට අයත් පුද්ගලයින් 1149ක් අවතැන්ව තම ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. ආපදාවට මුහුණු දී සිටින ජනතාව වෙනුවෙන් සේවාවන් කඩිනමින් ක්‍රියාත්මක කරන බව පොරතිවුපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මිණිපේ මහ ගොවි ජනපදයේ වී වගා බිම් රැසකට හානි…

දින ගණනාවක් පුරා මිණිපේ මහ ගොවි ජනපදයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජනපදයේ වී වගා බිම් රැසකට හානි වූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. වගා බිමේ පැළ ගොයමට දැඩි හානි සිදු වී ඇති අතර ඇතැම් කුඹුරුවල රැඳුණු ජලය බැස නොයෑම හේතුවෙන් පැළ ගොයම කුණු වී ගොස් ඇති බවද ගොවීහු සඳහන් කරති. මෙයට අමතරව බීජ බිම්ගත කර දින කිහිපයකින් යෙදිය යුතු වල්නාශක සහ පොහොර වර්ග වගා බිමට යෙදීමට නොහැකි වීමෙන් ගොයමේ වර්ධනයට බාධාවක් වන අතරම වගාවේ පැළවී ඇති තෘණ වර්ග ඉවත් කිරීමටද මහත් වෙහෙසක් ගැනීමට ගොවියාට සිදු වන බවද ඔවුහු පවසති.

ගොවි නියෝජිත එච්.එම්. සෙනරත් මහතා පවසා සිටියේ මේ වන විටත් ජනපදයේ වී වගා කළ අක්කර දහසකට අධික ප්‍රමාණයක් ආපදාවන්ට ලක් වී ඇති අතර කුඹුරුවලට ජලය සපයන අතුරු ඇළ මාර්ගවලටද යම් හානි ගෙන දී තිබෙන බවය.

එම නිසා සිදු වූ මේ අපදාවන්ට යම් සහනයක් ලබා දීමේ වැඩසටහනක් සකස් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බවද ගොවි නියෝජිත එච්.එම්. සෙනරත් මහතා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan