නාව අය නිසා තහනම් කළාම,ආව අය…?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ සංචිතය අවස්ථා දෙකකදීම කැදවුව ද,එහි මුළු සාමාජිකයින් එම රැස්වීම්වලට සහභාගි නොවුණ බැවින් එම සංචිතය විසුරුවා හැරීමේ අවදානමක් ගැන වාර්තා වෙනවා.ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොපැමිණීමට හේතු දක්වා තිබුණ ද සමහර ක්‍රීඩකයින් කිසිඳු දැණුම් දීමක් කර නැති බව ද වාර්තා වෙනවා.එසේම මෙම අවස්ථා දෙකට සහභාගි වූ පිරිසක් ගැන ද වාර්තා වෙන අතර නොපැමිණ අය නිසා සංචිත විසුරුවා හැරීමට තීරණය වන්නේ නොපැමිණීමෙන් මතු කළ විනය කාරණයක්නම්,පැමිණි පිරිසට කුමක් සිඳු කරන්නේ ද යන ප්‍රශ්නයත් පැන නඟිනවා.


සමහර විට මේ මොහොතේ කොළඹින් දුර බොහෝ ක්‍රිඩකයින් පුහුණු සැසිවලට සහභාගි වෙමින් සිටින බවක් ද දැකීමට හැකි අතර ඒ අනුව මෙවැනි රැස්වීම්වලට සහභාගි වීමේ අපහසුතා පැන නැඟුණා ද යන්නත් සළකා බැලිය යුතුයි.එහෙත් එසේනම් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුවත් කළ යුතුව තිබුණ බව ද පිළිගත යුතු වෙනවා.


කෙසේ හෝ එවැනි තත්ත්වයන් ගැන විමසා මෙවැනි සාකච්ඡා මාර්ගගත ක්‍රමයකට පැවත්වීමට තාක්ෂණය යොදා ගත හැකිනම් සියලුම ක්‍රීඩකයින්ට වඩාත් සාධාරණ විය හැකි බව අපේ විශ්වාසය වන අතර වරෙං ළඟට නැත්නම් එලවනවා වැනි න්‍යායෙන් බැහැරව තාක්ෂණය සුසර කර සියල්ල එකට හමුවීමට ඇති මාර්ග විවර කර ගැනීම වඩා වැදගත් බව අපේ අදහසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...