නාව අය නිසා තහනම් කළාම,ආව අය…?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ සංචිතය අවස්ථා දෙකකදීම කැදවුව ද,එහි මුළු සාමාජිකයින් එම රැස්වීම්වලට සහභාගි නොවුණ බැවින් එම සංචිතය විසුරුවා හැරීමේ අවදානමක් ගැන වාර්තා වෙනවා.ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොපැමිණීමට හේතු දක්වා තිබුණ ද සමහර ක්‍රීඩකයින් කිසිඳු දැණුම් දීමක් කර නැති බව ද වාර්තා වෙනවා.එසේම මෙම අවස්ථා දෙකට සහභාගි වූ පිරිසක් ගැන ද වාර්තා වෙන අතර නොපැමිණ අය නිසා සංචිත විසුරුවා හැරීමට තීරණය වන්නේ නොපැමිණීමෙන් මතු කළ විනය කාරණයක්නම්,පැමිණි පිරිසට කුමක් සිඳු කරන්නේ ද යන ප්‍රශ්නයත් පැන නඟිනවා.


සමහර විට මේ මොහොතේ කොළඹින් දුර බොහෝ ක්‍රිඩකයින් පුහුණු සැසිවලට සහභාගි වෙමින් සිටින බවක් ද දැකීමට හැකි අතර ඒ අනුව මෙවැනි රැස්වීම්වලට සහභාගි වීමේ අපහසුතා පැන නැඟුණා ද යන්නත් සළකා බැලිය යුතුයි.එහෙත් එසේනම් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුවත් කළ යුතුව තිබුණ බව ද පිළිගත යුතු වෙනවා.


කෙසේ හෝ එවැනි තත්ත්වයන් ගැන විමසා මෙවැනි සාකච්ඡා මාර්ගගත ක්‍රමයකට පැවත්වීමට තාක්ෂණය යොදා ගත හැකිනම් සියලුම ක්‍රීඩකයින්ට වඩාත් සාධාරණ විය හැකි බව අපේ විශ්වාසය වන අතර වරෙං ළඟට නැත්නම් එලවනවා වැනි න්‍යායෙන් බැහැරව තාක්ෂණය සුසර කර සියල්ල එකට හමුවීමට ඇති මාර්ග විවර කර ගැනීම වඩා වැදගත් බව අපේ අදහසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...