අධිවේගයේදී මව සහ දියණිය එකටම අවසන් ගමනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ප්‍රදේශයේදී මවක සහ දියණියක මියගොස් ඇත.

අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (32) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනා මෙලෙස මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ, මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරින් බවයි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා වෑන් රථයකින් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි.

වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියක හැපී අනතුර සිදුව ඇති බවත් , මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 06දෙනෙකු තුවාල ලබා තිබුණු බවත්පොලිසිය පවසයි.

මව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් රෝහල්ගත කරන විට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය අද(04) උදෑසන මියගිය බවත් වෛද්‍යවරු කියයි.

අද (04) දහවල් කරාපිටිය රෝහලේ දී එම මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිඹුනු බව වැඩිදුරටත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...