ඉන්දියාවේ දිල්ලි අගනුවරට අනතුරු ඇඟවීමේ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන්,ඉන්දියාවේ දිල්ලි අගනුවරට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණ අංශ පියවර ගෙන ඇත.

දිල්ලි නගරය පුරා පවතින ඝන මීදුම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන අතර, සියලු මාර්ගවල අදුරු ස්වභාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම්වලට ද මීදුම හේතුවෙන් බාධා එල්ල වී ඇත.ගුවන්තොටුපොළට පැමිණෙමින් තිබූ යානා 15 ක් වෙනත් ගුවන්තොටුපල වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇති බව වාර්තා වේ.දුම්රිය ගමන්වාර 81ක් ද ප්‍රමාද වී තිබෙනවා.

දිල්ලි නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් හා අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.8 ක් ලෙසයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...