ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක් !

Date:

සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.

මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බව වැඩි දුරටත් වාර්තාවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇතැයි සභාපති, ඩී ජේ රාජකරුණා තම නීතිඥයන් මඟින් අවධාරණයකර ඇත. ආනන්ද පාලිත එදින කර තිබෙන ප්‍රකාශය තුළ අවම වශයෙන් අසත්‍ය සහ ද්වේෂසහගත කරුණු අටක් වත් දක්වා ඇතැයි එන්තරවාසිය මඟින් දන්වා ඇති බව අනාවරණය වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙයට පෙර සිටි සභාපති ලබා ගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබා ගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්‍යක්‍ෂමණ්ඩල දීමනා දෙකක් ලබා ගන්නා බව මෙන්ම ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ. දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත සිදු කළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනවල දීප්‍රචාරයකර තිබිණි. ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය පුවත් පත්වල ද වාර්තාකර තිබූ අතර, එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත් පත් කියැවීමේ වැඩසටහන්වල දී ද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසියේ දක්වා ඇතැයි හෙළි වේ.

මේ මඟින් තමන්ගේ කීර්ති නාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක් කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා ඇත. එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24 වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුව හොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බව අවධාරණය කර ඇතැයි වාර්තා වේ. මෙම එන්තරවාසිය ලබන ආනන්ද පාලිත මෙයට පෙර අවස්ථා ගණනාවකදී ද සිදුකර තිබෙන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති තේරීමට රහස් ඡන්දයක්. දීර්ඝ වාදයකින් පසු සභාව ඒකමතික තීරණයකට

කොළඹ නගරාධිපති ධුරය තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සභාව...

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...