ඉරාකය වසර හතළිහකට පසු පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඉරාකය සමත්ව තිබේ.

මෙක්සිකෝවේ පැවති තීරණාත්මක තරගයකදී බොලිවියාව 2-1ක් ලෙස පරාජය කරමින් ඉරාකය වසර 40කට පසු මෙම අවස්ථාව උදාකර ගෙන ඇත.

අලි අල්-හමාඩි සහ අයිමෙන් හුසේන් ලබාගත් ගෝල මගින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර, මෙය ඔවුන් 1986 වසරෙන් පසු ලෝක කුසලානයකට පිවිසෙන පළමු අවස්ථාව වේ.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ වුවද, පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ් යටතේ ක්‍රීඩකයින් දැක්වූ සුවිශේෂී දක්ෂතාව මෙහිදී ඇගයීමට ලක්වේ.

ඉදිරි තරගාවලියේදී ඉරාකය ප්‍රංශය, නෝර්වේ සහ සෙනගාලය යන ප්‍රබල කණ්ඩායම් ඇතුළත් I කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

මෙම ඓතිහාසික ජයග්‍රහණය ඉරාක වැසියන් තුළ විශාල ප්‍රබෝධයක් ඇති කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...