ඉන්දීය හෙදියකට යේමනයේ මරණ දඬුවම නියම කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය හෙද නිලධාරිනියකට යේමනයේ මරණ දඬුවම නියමව ඇති බව වාර්තා වේ.

34 හැවිරිදි නිමිෂා ප්‍රියා 2017 දී යේමනයේ හිටපු ව්‍යාපාරික සහකරු තලල් අබ්දෝ මහඩි ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනාවට ලක්ව සනා අගනුවර මධ්‍යම බන්ධනාගාර ගත කර තිබිණ.

ඒ අනුව පසුගියදා කැරලිකාර හවුතිවරුන්ගේ උත්තරීතර දේශපාලන කවුන්සිලයේ සභාපති මහඩි අල්-මාෂාත් මේ සතියේ ෂරියා නිතිය යටතේ නිමිෂා ට මරණ දඬුවම අනුමත කිරීමත් සමඟ ඉක්මනින්ම ඇය මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.

නිමිෂා වයස අවුරුදු 19 දී යේමනයට ගොස් ඇති අතර අඩු වැටුප් ලබන ගෘහ සේවිකාවකගේ දියණියක් වූ ඇයට තම පවුලේ ආර්ථික තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය වූ අතර වසර කිහිපයක් සනාහි රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරන ලදී. රෝහල් රැකියාවෙන් අඩු වැටුපක් හිමිවීම නිසා නිමීෂා යේමනයේ තමන්ගේම සායනයක් විවෘත කිරීමට තීරණය කර ඇත.

ඇයට දේශීය සහකරුවෙකු සිටිය යුතු බව එහි නීතියෙන් නියම කර ඇති හෙයින්, ඇය වෙළඳසැල් හිමිකරුවෙකු වන මහඩි සමඟ එක්ව සායනය විවෘත කළය. 2014 දී යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ ඉන්දියානුවන් දහස් ගණනක් රටින් ඉවත් කරන ලද නමුත් නිමීෂා ඇගේ සායනය විවෘත කිරීම සඳහා විශාල ණය මුදලක් ලබා ගත් නිසා ඇය එහි රැඳී සිටීමට තීරණය කර ඇත.

අනතුරුව ඇගේ ව්‍යාපාර හවුල්කරු ඇයට ශාරීරික වද හිංසා කළ බවටත්, මුදල් සියල්ල උදුරාගත් බවත්, ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පැහැරගත් බවත්, තුවක්කුවක් පෙන්වා ඇයට තර්ජනය කළ බවටත් නිමිෂා චෝදනා කර ඇති අතර 2017 දී මහඩිගේ සිරුර කපා කොටා ටැංකියකට දමා තිබියදී සොයාගත් අතර අධික මාත්‍රාවකින් ඔහුව නිර්වින්දනය කිරීම හා ඉන් අනතුරුව කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙලෙස චෝදනා එල්ල ව ඇත.

කෙසේ නමුත් මේවන විට, නිමිෂා ගේ පවුලේ අය මියගිය ව්‍යාපාරික සහකරු තලල් අබ්දෝ මහඩිගේ නිවසේ අයහා සම්බන්ධ වී වන්දි මුදලක් ලබා දී පොදු සමාවක් බලාපොරොත්තු වන අතර ඒ හරහා නිමිශාගේ මරණ දඩුවම අත්හිටුවා ගැනීමට උත්සහ කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...