ජනවාරි 01 දා ඇමෙරිකාවේ පංසල් වන්දනාව!

Date:

අශෝක ජයතුංග

ජනවාරි 05 වොෂින්ටන් LNW :

🍎විහාර හතරකට හා ලාංකිකයන් අතරට….!

ජනවාරි පළවෙනිදා වොෂින්ටන් තානාපති කාර්යාලයේ ආගමික හා සංස්කෘතික කටයුතු නිමකළ තානාපති මහින්ද සමරසිංහ මහතා පුමුඛ නිළධාරීන් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වෙසෙන ප්‍රධාන විහාරස්ථාන හතරක් වැදපුදා ගත්තේය.

වීට්න් විහාරයට ගිය තානාපතිවරයා විහාරධිපති ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නාහිමි ගේ ආගමික කටයුතු වලට එක්වූහ. නැදගමුවේ පඤ්ඤාලෝක හිමි විශේෂ අනුසාසනාවක් සිදු කළේය.

අනතුරුව මහමෙව්නාව භාවනා අසපුවට තානාපතිවරයා ඇතුළු පිරිස ගිය අතර විහාරාධිපති මාතලේ කච්ඡායන නාහිමි ප්‍රමුඛ මාතලේ අමිතඛේම හා කිරුලපන අමිතරේවත හිමිවරුන් ගේ පිරිත් සජ්ජායනය ඇතුළු ආගමික කටයුතුවලට එක් වූහ.

තෙවනුව හෙගස්ටවුන්  විහාරය වැදපුදාගත් අතර විහාරාධිපති කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ අනුශාසනා හා ආගමික වතාවත් වලට එක් වූහ.

අවසානයේ වොෂින්ටන් DC විහාරය වැදපුදාගත් අතර උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමිගේ උපදෙස් මත වතුලියද්දේ රතනසීහ හා බංගලි දේශයේ සුමනවංශ හිමිවරු විසින් සෙත් පිරිත් හා සෙසු ආගමික කටයුතු ඉටු කළහ.

විහාර වන්දනාවේ ගිය සෑම ස්ථානයකම ලාංකිකයන් ඇතුළු සෙසු රටවල බෞද්ධයන් විශාල පිරිසක් ද රැස්ව සිටි අතර තානාපති සමරසිංහ මහතා ඔවුන් සමග ද සුහද පිළිසදරක නිරත විය. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රෝහණ අඔගොල්ල හා කවුන්සලර් චතුරි පෙරේරා ප්‍රමුඛ මහත්ම මහත්මීන් ද එම අවස්ථා වලට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...