*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

බංගලාදේශයෙන් වාඩුව ගනියි – ඒත් තව හිතන්න අවශ්‍යයි.

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 05 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ බංගලංදේශය අතර පැවත්වෙන 19 න් පහළ බාලිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් හිමි වුණා.බංගලාදේශය පළමුවෙන් පන්දුවට පහර දී ලබා ගත් ලකුණු 109 ඉක්මවා යමින්,ඕවර් 20 නිමා වෙන්නට පන්දු 7 ක් තිබියදි දැහැමි සෙනෙත්මා විසින් ජයග්‍රහණය වෙනුවෙන් ගොඩ නැඟූ විශිෂ්ඨ ඉණමට එකතු කළ හතරේ පහරකින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 5 ට 112 ක් බවට පත් වුණා.


මැලේසියාවේදී මෑතකදී නිමාව දුටු ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ කාන්තා තරගාවලියේදී බංගලාදේශය ඉදිරියේ පරාජයට පත් වී සිටීම නිසා ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය අතිශයින් වටිනා ජයග්‍රහණයක් වුණා.බංගලාදේශය වෙනුවෙන් ජන්නාතුල් මවෝවා ලකුණු 34 ක් සහ නායිකා සුමයියා අක්තාර් ලකුණු 29 ක් ලබා ගනිමින් බංගලාදේශ ලකුණු පූවරුව ඉහළ දැමීමට උත්සාහ කළ ද ලිමිනි තිලකරත්න ලකුණු 10 ට කඩුලු 2 ක් සහ රහ්මිකා සෙව්වන්දි ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූ අතර ප්‍රමුදි මෙත්සරා පන්දු ඕවර් දෙකකදී ලකුණු 14 ක් ලබා දුන්න ද,කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.


පිළිතුරු ඊණිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකාරිණියන් වූ සංජනා කාවින්දි (12) සහ විමෝක්ෂා බාලසූරිය (11) තරමක් මන්දගාමී වීම නිසා ලකුණු හඹා යාමේ දී පවත්වාගෙන යා යුතු ලකුණු වේගය රඳවා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දුන්නා.පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නුගේගොඩ අනුලා විද්‍යාලය නියෝජනය කරන දැහැමි සෙනෙත්මා වඩා ප්‍රායෝගික වූ ඉණිමක නිරත වෙමින් ලකුණු වේගය වැඩි කිරීම වෙනුවෙන් පෙරමුණ ගත් රනුදි නානායක්කාරට (17) සහ සුමුදු නිසංසලා (27) ට අවශ්‍යය සහය දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට සමත් වුණා.එම කඩුලු දෙකද,තවත් ප්‍රෙව්ගකාරී පිතිකාරීනියක වන රශ්මි සෙව්වන්දිද පිටියෙන් ඉවත්වීමෙන් පසු දැහැමිගේ චරිතය ලිමන්සා ට භාර දී ඒ වන විට පන්දුව හොඳින් දකිමින් සිටි දැහැමි ප්‍රවේගාකාරී වීමට පටන් ගත්තා.


දැහැමි සහ ලිමන්සා පන්දු 15 දී ලකුණු 26 ක් එකතු කළ අතර එයින් දැහැමිට අවස්ථාව දෙමින් පන්දු 5 ට මුහුණ දී ලිමන්සා ලබා ගත්තේ ලකුණු 4 ක් පමණයි.දැහැමි එක් හකරේ පහරක් සහ හයේ පහරක් සමඟින් පන්දු 30 දී නොදැවී ලකුණු 29 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රදාන පංගුකාරිය වුණා.
මේ තරගයේදී ද ඉණිම ආරම්භ කරමින් යම් වේගයක් සමඟ ක්‍රියාත්මක විය හැකි මනුදි නානායක්කාර හෝ රශ්මිකා සෙව්වන්ද යෙදවිය හැකිනම් වඩාත් පලදායි විය හැකිය යන තර්කය යළිත් ගොඬ නැඟුණා.එසේ නොවෙන විට පසුපෙළට මුහුණ දෙන්නට වෙන පීඩනය කල්පනාවෙන් ක්‍රීඩා කළ දැහැමි නොවන්නට ශ්‍රී ලංකාවට පරාජය අත් වෙමින් තරගය නිමා වන්නටත් තිබුණා.
පන්දුවට වේගයෙන් දිව යා හැකි හොඳින් පන්දුව රකින කඩුලු අතර දිවීමෙන් කෙටි ලකුණු ලබා නිලකුණු පන්දු අඩු කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ගැටවරියන් වැඩි අවධානයක් යොමු කරන්නේනම් ඔවුන් ලෝකයේ තිබෙන ප්‍රබලතම කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකියි.මේ තරග කිහිපය ලෝක කුසලානයට පෙර 19 න් පහළ කණ්ඩායමට ලැබෙන අවසන් තරග කිහිපය බැවින් සියලු වෙනස්කම් ඇති කරමින්,නව සූදානමක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉදිරි තරග භාවිතා කළ හැකියි.


මැලේසියාවේම පැවත්වෙන බැවින් තරගාවලියට සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් ආසියානු තරගාවලියේ අත්දැකීම් ශ්‍රී ලංකාවට තිබිය යුතුයි.ඒ නිසා මනුදි නානායක්කාර ද අවස්ථාවක් ලද විට පන්දු ඕවර් කිහිපයක් යවා සිය රිද්මය රැක ගෙන සිටීම වැදගත් වෙනවා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan