ජනපතිවරයා නිර්මාණය කළ අර්බුදයේ පළවෙනි පිරිවැය රුපියල් බිලියන 229 යි – හර්ෂ

Date:

ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියදී රජය විසින් යම්කිසි සහනයක් ලබාදීම පිළිබඳ තමන් සතුටු වන නමුත් මෙය අර්බුදයට විසඳුමක් නොව විෂම චක්‍රයක ආරම්භයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මේ අවස්ථාවේදී මිනිස්සුන්ට සහනයක් දෙන එක පිළිබඳව අපි යම්කිසි විදියකට සන්තෝශ වෙනවා. මොකද, මේ මිනිස්සු ජීවත් වෙන්න එපැයි. හැබැයි මේ රුපියල් 5000 ඇති දෙයක් වෙන්නෙ නෑ. ආණ්ඩුවෙන්ම කියනවා ගිය සිකුරාදා මේ අවුරුද්දෙ ආහාර උද්ධමනය විතරක් 22% යි කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ඊට වඩා දෙගුණයකට විතර කිට්ටු වෙන්න දැන් වැඩිවෙලා තියෙනවා.

ආර්ථික විද්‍යාවේ අපි කියනවා විෂම චක්‍රයක් තියෙනවා කියලා. ඒ කියන්නෙ බඩුමිල වැඩිවෙනකොට ඒකට සරිලන ලෙස පඩි වැඩි කරනවා. බඩුමිල නගිනවා, පඩි වැඩිවෙනවා. බඩුමිල නගිනවා. පඩි වැඩිවෙනවා. ඒකෙන් වෙන්නෙ දිගින් දිගටම බඩුමිල වැඩිවෙන එක විතරයි. මෙතන අසාධාරණය තියෙන්නෙ මේ පඩි වැඩිවෙන්නෙ තෝරාගත්ත කණ්ඩායමකටත් විතරයි. එතකොට ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරන ලද අර්බුදයේ පළවෙනි වටයේ කොස්ට් එක තමයි රුපියල් බිලියන 229. ඒ කියන්නෙ රජයේ මුළු ආදායමෙන් 12% – 14% ක් විතර ප්‍රමාණයක්.

තුනෙන් දෙකක් ලබාගත්ත අයවැයෙන් කිව්වා පරිපූරක ඇස්තමේන්තු ගේන්නෙ නෑ කියලා ඊළඟ අවුරුද්දෙ. එහෙම නම් කොහෙන්ද මේ සල්ලි වියදම් කරන්නෙ ?”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...