වෙඩිල්ල 4 – කවි කෝලම: තාමත් ලව් නේද හිත යටින් ලොක්කට

බැසිල් මැතිඳු පන්දාහ දෙන අවුරුද්දේ
දුසිල්වතකුවද නිරිඳුට ගිනි බින්දේ
විසිල් පාරවල් පොළ මැද හෙණ සද්දේ
සුසිල් මැතිඳු හිටංගෙ ‘අත්’’පොඩි මැද්දේ

බැටේ දෙනු වගේ පෙනුනට ‘ජයතු පෙමා’
පඩේ බෝම්බෙන් වෙන්කරනු බැරි කිමා
කඩේ යන උන්ට නිරිඳුත් සිරස නමා
පොලේ යන උන්ට නම් දැන් බඩුම තමා

ගිලෙනා නැවෙන් බෙල්ලෙන් ඇදල දැම්මට
ගැලරිය චූන් වෙන ලොරි ටෝක් දුන්නට
බුදු රැස් කැපද දඩ මස් ගිලපු බොක්කට
තාමත් ලව් නේද හිත යටින් ලොක්කට

සා-පෙ ත් නැති උන්ගෙ කටවල් විසාලය
කස කස චූන් දෙයි නන්දෙගෙ තුවාලය
‘ජනපද’ පොහොට්ටුව පිපුණොත් මරාලය
කැබිනට් නමින් ඇත්තෙම පොල් පරාලය

‘පෙරෙම් ජයන්ත’ය ඇත්තට කොහෙද හොරී
සුවිප් ටිකට්ටුව ඇදුණා නොවෙද සරී
කැබිනට් සිහිනෙ කොයි පපුවෙන් මකනු බැරී
රම්පොට තෙළඹු යට රම්පෙට සැලෙන පොරී

කෞ ද බෝයි

පෙර කෝල​ම්

වෙඩිල්ල 2 – කවි කෝලම: පැලෝපීය නාල ම මිරිකන හැත්ත

වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා