*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ආහාර සඳහා භාණ්ඩ හුවමාරු කරන චීන නගරය

චීනයේ ෂියාන් නගරයේ කොවිඩ් ව්‍යාප්ත වේ යැයි අවධානම නිසා හුදෙකලාවට ලක් වූ ජනතාව ආහාර හිඟයකට මුහුණ දී සිටි.

දැන එහි නගරවාසින් එකිනෙකා භණ්ඩ හුවමාරු කරගනිමින් සිය දෛනික අවශ්‍යතාවයන් සංතෘප්ත කර ගන්නා තත්වයට පත්ව ඇති බව, ඔවුන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටිති.ඇතැම් විටෙක ප්‍රදේශවාසීන් සිය ආහාර සඳහා සිගරට් සහ විවිධ තාක්ෂණික උපකරණ හුවමාරු කිරීමට පෙළඹී සිටිති.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට මිලියන 13ක් පමණ තම නිවෙස්වලට සීමා වී ඇත.ලබන මාසයේ බීජිං හි පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙලට පෙර මෙම දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.

එමෙන්ම එක රැයකින්, යුෂෝ නගරය වසා දැමුවේ, කොවිඩ් රෝග ලක්ෂණ තහවුරු කර නොමැති අවස්ථා තුනක් පමණක් සොයා ගැනීමෙන් පසුවය.මිලියන 1.1 ක ජනගහනයක් සිටින Yuzhou එහි ප්‍රවාහන පද්ධතිය සහ විනෝදාස්වාදාන ස්ථාන වසා දමා ඇති අතර සියලුම වාහන සඳහා මාර්ග වල ගමන් කිරීම තහනම් කර ඇත. අත්‍යවශ්‍ය ආහාර වෙළඳසැල් හැර අනෙක් සියල්ල වසා දමා ඇති අතර, කොවිඩ් වසංගත වැළැක්වීමට සම්බන්ධ කටයුතු කරන ශ්‍රම බලකායන්ට පමණක් සංචාරය කිරීමට අවසර දී ඇත.

ෂියාන් නගරයේ බලධාරීන් නිවෙස්වලට නොමිලේ ආහාර ලබා දී ඇති, නමුත් සමාජ මාධ්‍යවල සිය ගැටලු පිළිබඳ ජනතාව චෝදනා මුඛයෙන් අදහස් දක්වා ඇත.

සමහර නිවැසියන් පැවසුවේ ඔවුන්ගේ ආහාර සැපයුම් අඩුවෙමින් පවතින බව හෝ ඔවුන්ට තවමත් ආධාර ලැබී නොමැති බවයි.ජනප්‍රිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weibo හි වීඩියෝ සහ ඡායාරූප මගින් , නගරයේ මිනිසුන් ගෝවා සඳහා සිගරට්, ඇපල් සඳහා පිඟන් සෝදන දියර, කුඩා එළවළු ගොඩක් සඳහා සනීපාරක්ෂක පෑඩ් ,අර්තාපල් කපු පුළුන් සඳහා හුවමාරු කරන ආකාරය දක්නට ලැබේ.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan