සිමෙන්ති මාෆියාවට තිත

Date:

අපේ රටේ ගොඩක් ව්‍යාපාර හැසිරෙන්නෙ ව්‍යාපාර විදියටම නෙමේ. ඉන් ඔබ්බට ගිය මාෆියා හැටියට. ඒකියන්නෙ ඒකාධිකාරියක් විදියට. ලංකාවෙ වෙලද මාෆියාවෙ ඉහලින්ම ඉන්නෙ හාල් මාෆියාව කියල අපි කවුරුත් දන්න දෙයක්. අපි දව්න්න විදියට නම් අපෙ රට ඇතුලෙ සිමෙන්ති මාෆියවකුත් තියෙනව. ඔය හිටපු ගමන් සිමෙන්ති හිගයක් එන්නෙ අපි කියන මාෆියාවෙ වැඩ හින්දම තමා. අන්න ඒ මාෆියාවට තිත තියන්න අළුත් සිමෙන්ති කම්හලක් ලංකාව ඇතුලෙ නිෂ්පාදන කටයුතු අරඹන්න සූදානම් කියල පණිවිඩිය අපිට ලැබිල තියෙනව.

ලොව විශාලත ම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේ දී සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව තමා වැඩිදුර විස්තරවල තියෙනෙ.මෙන්න ඒකෙ විස්තර වාර්තාව.

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ අක්කර 63 ක භූමිය පුරා මෙය ඉදි වන බව
මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් වන බව
එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වන බව
මෙහි දෙවන අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිත ව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇති බව
එය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයක් බව
වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 70 % කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්නනව කියල තමා අපි දන්නෙ. අළුත් කම්හලෙන් රට ඇතුලෙම සිමෙන්ති නිෂ්පාදනය වෙන හින්ද කලට වෙලාවට සිමෙන්ති ලැබිල දැනට ක්‍රියාත්මක වෙන ඔය මාෆියාව නැත්තටම නැතිවෙයි කියල අපිට විශ්වාසයක් තියා ගන්න පුළුවන්. කොවිඩ් වසංගතය කියල අපේ රටේ ආයෝජන නැවතිලා නෑ කියන එකට හොදම උදාහරණය ලංවා සිමෙන්ති කම්හල කියල තමා අපිට කියන්න වෙන්නෙ.

හැමදාම විපක්ෂය මතුරන “බංකොලොත්” මන්තරේ දැන් බංකොලොත් කියල තමා අපිට අන්තිමේදි කියන්න වෙන්නෙ.

යූ,ඩී Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...