සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම සම්මතයි!

කොළඹ LNW:සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්ප තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.

එය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කර ඇත.

මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පිරිසගේ සහභාගීත්වයෙන් පසුගිය 02 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2026 අයවැය යෝජනා අනුව, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට මෙම සංශෝධන ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2026 ජූලි 01 සිට බද්දට ලියාපදිංචි වීමට අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කර ඇත.

තවද, 2026 මැයි 01 සිට වාහන ආනයනයේදී හෝ නිෂ්පාදනයෙන් විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීමටත්, තොග හා සිල්ලර වෙළඳාම එම බද්දෙන් නිදහස් කිරීමටත් තීරණය කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සහ එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධනය කර එක් බදු ක්‍රමයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි. එමෙන්ම, දැනට පවතින බදු ආදායම පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් ඉදිරියේදී බදු ව්‍යුහය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද නිලධාරීහු සඳහන් කළහ.

මෙයට අමතරව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අදාළව, අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට පහසුකම් සැලසීම සඳහා නව රීතිවලටද කාරක සභා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, පෙර තිබූ රීති අනුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) වලට පමණක් සීමා වූ ආයෝජන අවස්ථාව ඉවත් කරමින්, නව සංශෝධන මගින් අපනයනකරුවන්ට තම ආදායමෙන් 10%ක් දක්වා රජය විසින් නිකුත් කරන විදේශ මුදල් නිරූපිත ණය සුරැකුම්වල ආයෝජනය කිරීමට ඉඩ ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...