*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එහිදී දැනට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යටතේ පවතින මහාමාර්ග අමාත්‍යාංශය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

එසේම ක්‍රීඩා, තරුණ කටයුතු සහ සංකෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ජයන්ත කැටගොඩ මහතාට හිමිවීමට නියමිත බවත් සඳහන්.

එමෙන්ම වත්මන් ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යටතට තවත් අමාත්‍යාංශ කිහිපයක්ම පත් කෙරෙනු ඇති අතර ඒ අනුව වැඩිම අමාත්‍යාංශ ගණනක් සතු අමාත්‍යවරයා ඔහු බවට පත්වෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මීට අමතරව නිමල් ලන්සා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට යෝජනා වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් වාර්තා විය.

මේ සියල්ලම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් දැනට පවතින තත්වයන් වන අතර මේවා අවසන් මොහොතේදී වෙනස් වීමටත් ඉඩ ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan