*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පාන් ගෙඩියක් ගේන්නත් කරත්තයක් පුරවලා මුදල් අරන් යන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි – කාවින්ද ජයවර්ධන

බියගම තිබෙන මුදල් නෝට්ටු මුද්‍රණය කරන මැෂින් එක රටේ ප්‍රශ්නවලට තිබෙන එකම විසඳුම සේ සලකා වත්මන ආණ්ඩුව තීන්දු තීරණ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. හැකිතරම් සල්ලි අච්චු ගසා ජනතාවට බෙදාදීමෙන් ගැටලු විසඳා ගත නොහැකි බව ජනතාවට විජ්ජා පෙන්වන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගතයුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පාන් රාත්තලක් ගැනීම සඳහාත් කරත්තයක් පුරවාගෙන මුදල් රැගෙන යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවයි.

දිගින් දිගටම මුදල් අච්චු ගැසීම හේතුවෙන් මේ වනවිට උද්ධමනය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ අර්බුදයෙන් ගොඩඒමට ජනතාවට සහන සැලසීමට යැයි කියමින් තව තවත් මුදල් අච්චු ගැසීමට ආණ්ඩුව සූදානම් වන බවයි. රුපියල් 5000 බැගින් රාජ්‍ය නිළධාරීන්ට දීමනා ලබාදීමට පමණක් රුපියල් බිලියන 9.48 ක් අච්චු ගැසීමට සිදුවන බවද ඔහු පවසනවා.

මෙම තත්වය මත රුපියල තවදුරටත් බාල්දු වී උද්ධමනය තවත් ඉහළ යා හැකි බවත්, ඒ හරහා රාජ්‍ය සේවකයන්ට අමතරව ලැබෙන 5000 ද කිසිදු වටිනාකමක් නොමැති කඩදාසි කොල පමණක් විය හැකි බවත් ජයවර්ධන මහතා පවසනවා. වෙනදා එළවලු කිලෝග්‍රෑම් එකක් ගත් පුද්ගලයන් පවා මේ වනවිට ගෑම් 100 – 200 බැගින් ගන්නා තත්වයට පත්ව ඇති බවත්, මුදල් අච්චු ගසා බෙදාදීමෙන් ඊට විසඳුම් නොලැබෙන බවත් ඔහු සඳහන් කරනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට, ඩොලර් අර්බුදයට පැලැස්තර විසඳුම් ලබාදීම නවතා ස්ථිර විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan