Thursday, March 23, 2023
spot_img

Latest Posts

කින්නියා පාලම් පාරු අනතුරින් විපතට පත් පවුල්වලට සජිත්ගෙන් මූල්‍ය ආධාර (VIDEO)

කින්නියා කුරින්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ අයගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදුවිය.

රටක් ගොඩනගන්නටනම් අනාගතවාදී සැලසුම් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය. එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අතිශයින්ම සංවේදී අවශ්‍යතා පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා එසේ නොවූ විට ඇති වන්නේ ඛේදවාචකයක් යැයිද පෙන්වා දුන්නේය. ජීවිත රැසක් අහිමි වූ කුරින්ජන්කර්නි පාලම ඉදිකිරීමේ කටයුතු තවමත් ලත් තැනම බව පැවසූ විපක්ෂ නායකතුමා, එය “විසිවෙනි සංශෝධනයේ පාලමක්” යැයි ද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවට එක්වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ “සක්වල” වැඩසටහන, “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ඇතුලු වැඩසටහන් රැසක් දියත් කරමින් සිටින අතරතුරදී ය.

පසුගිය නොවැම්බර් 23 වනදා සිදු වූ පාරු අනතුර හේතුකොටගෙන පාසල් සිසුන් ඇතුළු කිහිපදෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් පිරිසකට තුවාල ද සිදුවිය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.