Wednesday, March 22, 2023
spot_img

Latest Posts

සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.

මාලිංග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් භානුකගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය වෙනස් කරන ලෙසයි.

ක්‍රීඩකයෙකු ලෙස තම රට නියෝජනය කරමින් දස්කම් දැක්වීම පහසු කාර්යයක් නොවන බව පෙන්වා දෙන මාලිංග පවසන්නේ ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ට සෑමවිටම අභියෝගවලට මුහුණදීමට සිදුවන බවයි.

භානුක රාජපක්ෂගේ සමුගැනීමේ හදිසි තීරණය මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කැළඹීමක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. දේශීය පිටියේ දිගින් දිගටම දක්ෂතා දැක්වූ භානුක රාජපක්ෂට ජාතික තලයේ අවස්ථාව හිමි වීම ප්‍රමාද වූ අතර ඒ සඳහා ඔහුට දශකයකට ආසන්න කාලයක් ලබා සිටීමට සිදුවිය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.