Sunday, December 3, 2023
spot_img

Latest Posts

සුසිල් ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මතයි – තිස්සකුට්ටි

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු ඇමතිධුරයෙන් නෙරපීමට පෙර දින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර එම විවේචනය හේතුවෙන් ප්‍රේම්ජයන්ත මහතාට ඇමති ධුරය අහිමි වූ බව බොහෝදෙනා විස්වාස කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විවේචන ඉවසා ගත නොහැකි තත්වයට පත්ව නොමැති බවද ඔහු සඳහන් කරනවා.

තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.