විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි තුන්වැනි සතියේදී දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, නීතීඥවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම සමුළුව පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ආණ්ඩුව විසින් ඉදිරියේදී විපක්ෂයේ නායකයින් මර්දනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහි වීම
දිට්වා සුළිකුණාටුව සම්බන්ධයෙන් පූර්ව සූදානමක් නොවීම පිළිබඳව අදාළ බලධාරීන්ට නඩු පැවරීම
අධිකරණ ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින විවිධ අඩුපාඩු
යන මාතෘකා පිළිබඳව මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.
විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ නීතීඥවරුන් 1500ක් පමණ මීට සහභාගී වීමට නියමිත බව වාර්තා විය.


