කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

Date:

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට එම දේවාලයේ අභිනව බස්නායක නිලමේ තිලිණ මධුසංඛ මහතා තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව අදාළ වෙන්දේසිය පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස බස්නායක නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

කෙසේවෙතත් මෙම තීරණයට දැඩි විරෝධය පළකිරීමට විපක්ෂයට සම්බන්ධ දේශපාලනඥයින් පිරිසක් සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

රජ කාලයේ පටන් විවිධ බැතිමතුන් විසින් රන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් කතරගම දෙවියන්ට පූජාකර ඇති අතර දෙවියන්ට අයිති එම රන් භාණ්ඩ මිනිස් පරිභෝජනයට ගැනීම බරපතළ පාපයක් බවත් එම රන් භාණ්ඩ විකුණා ලබාගන්නා මුදල් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තැන්පත් කළහොත් එයින් රටටම වස් වදින්නට හැකි බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

ඒ අනුව මීට විරෝධය පළ කරමින් කතරගම දේවාල භූමියට රැස්ව පොල් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ සඳහා නුදුරේදීම දිනයක් නියම කරගනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...