ජොන්ස්ටන් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණු අතර ඊට කණ්ඩායම් 05ක් යොදවා තිබුණු නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

කෙසේවෙතත් අද ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණු අතර ඒ අනුව අද ඔහු එහි පැමිණියේය.

මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල ද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...