පොලීසිය නාවිකයන්ව දෙවන අර්ධයේ බින්දුවේ තබයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW:

මැලිබන් ජාතික රගර් සූරතාවලියේ නාවික හමුදා කණ්ඩායම සහ පොලිසිය අතර පැවති තරගයෙන් ලකුණු 14 – 10 ක් ලෙස පොලිස් කණ්ඩායම ජය ගනු ලැබුවා.පළමු අර්ධය නිමාවේ පොලිසිය අභිබවා යමින් නාවික හමුදා කණ්ඩායම ලකුණු 10 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටියත් දෙවන අර්ධයේදී පොලිසිය නාවික හමුදා කණ්ඩායමට කිසිඳු ලකුණක් ලබා ගන්නට නොදී ලකණු 7 ක් රැස් කරනු ලැබුවා.
පොලිස් කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධයේදී සුජාන් කොඩිතුවක්කු ලබා ගත් උත්සාහක දිණුමේ මෙන්ම දෙවන අර්ධයේදී ප්‍රින්ස් කුමාර ලබා ගත් උත්සාහක දිණුමේද ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් කුමාරට ම හැකි වුණා.ඒ අනුව ලකුණු 14 ක් වූ පොලිස් කණ්ඩායමට එරෙහිව නාවික හමුදාව ලැබූ ලකුණු 10 ට උත්සාහක දිණුමක්,එහි ප්‍රවර්ථනය සහ නිදහස් පහරක ලකුණු හිමිව තිබුණා.නාවිකයන් අතරින් ඉසුරු කෝන්ගහවත්ත ලැබූ එකම උත්සාහක දිණුමේ හිමිකාරයා වූ අතර එහි ප්‍රවර්ථනයත් සමඟ නිදහස් පහරත් සාර්ථක එල්ලයට යොමු කිරීමට තිළිණ වීරසිංහට හැකි වුණා.


තවත් සතියක් සඳහා රගර් පිටිය උණුසුම් වන තුරු ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ට වඩා එක් තරගයක් අඩුවෙන් ක්‍රීඩා කර ඇති මහනුවර සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් පිළිවෙලින් ලකුණු සටහනේ දෙවන සහ තෙවන තැන් හී පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...