නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW:
බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය සංවිධානය කරන්නට යෙදුණ අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ සහ අවුරුදු 40 න් ඉහළ පාපන්දු තරගාවලියේ අවසාන තරග ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට ක්‍රීඩා කළ නොහැකි බවට ප්‍රචාරය කළ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවත්වුණා.එහිදී අවුරුදු 19 න් පහළ සූරතාවය කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම දිනා ගත්තා,ඔවුන් ඉදිරියේ ගෝල 2-1 ලෙස පාරාජයට පත් වූයේ හමීඩියන් පාපන්දු සමාජයයි.
අවුරුදු 40 න් ඉහළ ප්‍රවීනයන්ගේ පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මුතුවැල්ල ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වූ අතර ගෝල 2-1 ක් ලෙස එහිදී පරාජයට පත් වුණේ කොටහේන එක්ස්ප්‍රස් කණ්ඩායමයි.






