මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

0
496

සටහන – රුවන් නෙළුගොල්ල

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිළධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමිනි.