හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

0
510

සටහන – රුවන් නෙළුගොල්ල

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරෝම් ප්‍රනාන්දු 2026 ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන්ව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිතා කිරීමෙන් රජයට රුපියල් 250,000ක මුදලක් පාඩු කිරීමේ චෝදනාව මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම චෝදනාවට අදාළවම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වැඩිමල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවකු ද මීට පෙර අත් අඩංගුවට ගන්නා ලදුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.