පොලිස් පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනට!

Date:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් කොමිසම විසින් පත්කර ඇත.

මෙතෙක් පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාමයෑමෙන් පසු හිස් වූ ධුරය සඳහා ජයවර්ධන මහතා පත් කර තිබේ.

ජයවර්ධන මහතා මීට පෙර සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ අතර උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළේය. මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා ජාත්‍යන්තර බුද්ධි විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර තිබේ.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයෙකු ලෙස විදේශ සේවා අත්දැකීම් ලද පරිණත නිලධාරියෙකුද වන ජයවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යලයේ ව්‍යපාර කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස සිය මූලික උපාධිය ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...