*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

මම දේශපාලනය දකින්නේ මෙහෙමයි – දිලිත් ජයවීර

? දැන් රටට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයිනෙ.. අපිනම් දන්නේ එහෙම. මිනිස්සුන්ට කන්න නෑ, බොන්න නෑ, ජීවත් වෙන්න විදිහක් නෑ. ඔක්කොම දැන් වෙලා නේ තියෙන්නේ . නමුත් ගෝඨාභයලා ගෙනාවේ ඔයාලා නේ. එහෙම කරපු ඔයාලා අද හොඳින් ඉන්නවා. රටට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. එහෙම නේද?

දිලිත්ගෙන් පිළිතුරු ……………

“මම නං හැමදාම සතුටින් හිටියා.. දශක පහක් ගෙවිලා ගියා නේ. නමුත් ඒක අනිත් දේවල් වලට අදාල නැහැ. නමුත් මම හැමවෙලේම හිතුවේ හැමෝම මං වගේ ඉන්න ඕන කියලා තමයි මම හැමතිස්සෙම හිතන්නේ. හැමෝටම සතුට කියන දේ තියෙන්න ඕනි කියලයි මම හිතන්නේ. ඇත්තටම ඔය ගෝඨාභය කියන ප්‍රොජෙක්ට් එකේ මුල තමයි ඒක. මම හිතුවා අපිට බැහැර කළ නොහැකි සත්‍යයේ මෙම ආර්ථික සාධකය. මම කියන්නේ එක් පැත්තකින් මිනිස්සු වෙනස් කරන්න ඕනේ ඒ කියන්නේ ආධ්‍යාත්මිකව. ආර්ථිකයෙන් බැහැර කරනලා මිනිස්සු ආධ්‍යාත්මිකව සතුටු කරන්න ඕන. නමුත් මේ වර්තමාන තත්ත්වය මත ඒ සිදු කිරීමට ඉතාම අපහසු දෙයක්. නමුත් මෙම ආර්ථිකය පාලනය වෙන්නේ දේශපාලනයෙන්.

ඒ නිසා මා දන්නා කාලයේ සිට මම දකිනවා මං ගැන කතා කරන විට රාජපක්ෂලාගේ ගැත්තා කියලා ඒ වගේ කතා මට කියනවා. බයියා කියලත් කියනවා. මං කෙටියෙන් කියන්නට හදන්නේ මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ ඉස්කෝලේ පහේ පන්ති වල ඉඳලා. එහෙම වෙන්නේ අපේ තාත්තා නම් කොමියුනිස්ට් පක්ෂ වල වාමවාදී දේශපාලන පක්ෂ වල හිටපු අය. අපේ ගෙදර ඒ කාලේ තිබුණේ රතු පොතපත . ඉතිං අපි ඒ දවස් වල ඉඳලා වාමවාදී දේශපාලන පරිසරයක තමයි හැදුනේ වැඩුනේ.

? ඒ කියන්නේ ජේවීපී එකද??

නෑ ජේවීපී නෙමෙයි එතකොට අපේ තාත්තලා කොමියුනිස්ට් . තාත්තාලා රජයේ සේවකයෝ නේ. එයාලා ඇත්තටම දාර්ශනික කොමියුනිස්ට් කතා තමයි කතා කළේ. මාක්ස් ට්‍රොස්කි, ලෙනින් වගේ අයගෙ පොතපත කියවමින් පරමාදර්ශී සෝවියට් සමාජය බිහි කරන්න පුළුවන් කියලා විශ්වාසයක් කරපු අයනේ. සමාජවාදී කොමියුනිස්ට් කේතුමතී සිහින රාජ්‍යයේ හිටියෙ .ඒක මෙහෙ ට ගෙනල්ලා මෙහෙ ඇප්ලයි කරලා ඒකෙ යටි අරමුණ ධනය බෙදීයෑමනේ . අවසානෙදි කතා කරන්නේ.. ඒ සිහින රාජ්‍යය ඇසුරේ අපි වැඩුනේ. මං ඒ දවස් වල කියපු නවකතා ද කෙටිකතා ද සාහිත්‍ය ද සියල්ලෙහි තිබුණෙ ඒක නිසා මම වාමාංශික පවුලකින් එන කෙනෙක් කිව්වොතින් වඩාත්ම නිවැරදියි.

? ඒ කියන්නේ ඔබ පහේ පන්තියේ දී දේශපාලනය කළා??

ඇත්තටම පහේ පන්තියෙදි මගේ මිතුරන් කීවා ඒ බව. පහේ පන්තියේ නෙමෙයි දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනෙක් ඉන්නේ චන්දිම වීරක්කොඩි. එයා කියනව මම ඊටත් වඩා පොඩි කාලෙදි දේශපාලන කතා ඒ කාලෙදි කාලෙදි කතා කරා කියලා. මට නම් එහෙම මතකයක් ඇත්තටම නැහැ .නමුත් මට මතකයි ඉස්කෝලේ පහේදී විතර වෙනකොට දේශපාලන අනිත් අයට සාපේක්ෂව පොඩ්ඩක් කතාබහ කරපු කෙනෙක්. නමුත් අපේ දෙමව්පියන් දේශපාලනය එක්ක හිටියේ නැහැ. ඉතින් මම කියන්න හදන්නේ මම දේශපාලනික බව එදා ඉදලම මගේ ඇඟේ තිබිලා තියෙනවා. මම හැම වෙලාවෙම හිතන්නේ සමාජයට යමක් කළ යුතුයි කියලා. මගේ ව්‍යාපාර කරන කාලෙත්, ඉස්කෝලෙ යන කාලෙදිත් හැමතිස්සෙම මට යම් හේතුවක් නිසා මගේ හිත බලකර සිටිනවා . එහෙම නොකලොත් යම්කිසි ආත්මාර්ථකාමී වැඩක් කියලා. දේශපාලනික භාවය එන්නේ මට මේ දැන් මේ සමාජ වගකීමත් එක්ක මට ඒක විශේෂයෙන්ම මගේ පියා ගෙනාපු දෙයක් කියලයි මම හිතන්නෙ. මට සමාජ වගකීමක් දැනෙනවා හැම මොහොතකම. මට හිතෙන්නෙ නෑ මම හම්බකරගෙන මමම කාලා මම ජීවත් වෙන්න ඕනි කියල මට හිතෙන්නෙ නෑ. ඒ හේතුව නිසාම ඉස්කෝලේ යන කාලෙ අටේ පන්තියේ එකපාරක් සහ ඉස්කෝලෙ එකොළහේදී දෙපාරක් මං පන්ති පහට ගිහිල්ලා තියෙනවා. මම ඇත්තටම ජෙවීපී එකත් එක්ක සමීපව වැඩ කරපු කෙනෙක්..

? ඒ කියන්නේ අද නෙමේ එදා ???

ඔව් එදා තමයි , නමුත් එය මෙසේ නිවැරදි වෙන්න ඕනි. එදා මම ක්‍රියාකාරීව වැඩ කරා කියලා කියන්නෙත් ඒ දේශපාලන පුද්ගලික මතය. ඒ සඳහා අපට කරන්න පුළුවන් දෙයක් තිබුණා ඒක අපි එදා කරා. අපි කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නකොටත් මම එවැනි මතකයක තමයි හිටියෙ. මම හිතුවේ ඒක තමයි හොඳම ක්‍රමය කියලා. මොකද හේතුව අපේ තාත්ත නම් අපිට එම පරිසරයක් නිර්මාණය කරලා දීලා තිබුණා. ධනය සමානව බෙදී යන යුක්තියේ රජයන ලෝකයක්‌ අපේ සිහිනය. ඒකට පසුකාලීනව ඒ ගැන වුණු කතන්දරේ තමයි පස්සේ සන්නද්ධ අරගලය දක්වා ඇවිල්ල මරා ගන්න කොට මේ පිළිබඳ විශාල කලකිරීමක් ඇති වුණා මට දිගින් දිගටම. ඒකට හේතුව තමයි ඒ මරණයට ලක් වූ දකුණේ අපේ ගම් මට්ටමින් ගත්තොත් යම්කිසි සම්ප්‍රදායික හේතුවක් නිසා ගොවිජන සේවා නිලධාරියා u n p කාරයෙක්. අපිත් එක්ක එකට හිටපු මනුස්සයෙක්ව හන්දියකදී ඝාතනය වෙනවා. ඊට අමතරව මේ මත්තේම හිටපු ඒ කියන්නේ දේශපාලන කොමියුනිස්ට් කේතුමතී රාජ්‍යය හරහා යන ගමේ හිටපු කොමියුනිස්ට් සමාජ වල හිටපු අයත් ජනතා විමුක්ති පෙරමුණ මරන්න ගත්තා. මම ඇත්තටම දැඩිලෙස තීරණාත්මකව ජනතා විමුක්ති පෙරමුණට සහාය දීමෙන් වැළකුනේ කොමියුනිස්ට් පක්ෂ තුළ ජෝන් ක්‍රියාකාරිකයෙකු සිටි ජෝන් රත්නායක කියලා ටීචර් කෙනෙක් අපේ දෙමව්පියන්ගේ මිත්‍රයා . මම දැකපු අහිංසකම මනුස්සයෙක් සුදු ඇඳලා සෙරෙප්පුවක් දාන් නැතුව බයිසිකලෙන් යන චරිතයක් ඒ මනුස්සයත් අමුඅමුවේ මරලා දැම්මා. ඊට පස්සේ මට කළකිරීමක් .ඊට පස්සෙ ජනතා විමුක්ති පෙරමුණත් එකක තිබූ ගනුදෙනු අවසන් කළා. ඊට පස්සේ මම මගේ මිත්‍රයන් සියලුම දෙනාට පැහැදිලි කරන්න පටන් ගත්තා මේක මහා කුරිරු තැනකට තල්ලු වෙලා තියෙන්නේ මේක දේශපාලනයක් වෙන්න බෑ කියලා.

ඊට පස්සේ මට දේශපාලනිකව ජනතා විමුක්ති පෙරමුණ සමග කිසිදු සම්භන්ධයක් තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ නැගිටිනකොට අපි කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ඉවරයි. කැම්පස් එකේ ඉන්න කාලේ මම හිටිය ස්ථාවරත්වය ජනතා විමුක්ති පෙරමුණ කියන සංකල්ප ට විරුද්දයි. එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලක්ෂණ, විරුද්ද මතයක් තියෙන අය මරලා දාන්න ඕනි කියන තැනට ගිය මතයක් තමයි එදත් දැක්කේ. නමුත් පරණ ගතිවලින් ඉවත් වුනා කිවම මන් ආයෙත් උදව් කළා. අනුර කුමාරට , ටිල්වින්ලට මට පුළුවන් හැටියට මම උදව් කළා. නමුත් ඒ අතරතුරේ ඔවුන් එම දාරාවෙන් පිට ගිහින් සාමාන්‍ය දේශපාලන පක්ෂයකට වගේ වැටෙනකොට අපිට මේක සංසන්දනය කරලා බලන්න ඕනි මට්ටමට ආවා. ඊට පස්සේ තමයි මම සම්බන්ධතා අවම කර ගත්තේ. නමුත් මගෙ කිසිම විරසක බවක් ඔවුන් එක්ක තිබුනේ නෑ ……..

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan