ලිට්‍රෝ ගෑස් මිල පහතට!(VIDEO)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 80කින් මිල පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 1770ක් ලෙස සඳහන් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දැමීමට කටයුතු කර තිබෙන අතර එහි නව මිල වන්නේ රු.822කි.

ශක්තිමත් රාජ්‍ය ආයතනයක් ලෙස 2023 වසර ආරම්භ කරන්නේ බිලියනයකට අධික වාර්තාගත ලාභයක් ලබමින් බවද මුදිත පීරිස් මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...