ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! ජන හඬ අද අලුත් කඩේ උසාවි සංකීර්ණය අසළ..

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද(05)දින දහවල් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී නිහඩ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කොට තිබූ අතර සරසවි සිසුන්ට අමතරව වෘත්තීය සමිති හාබහුජන සංවිධාන රැසක නයකයින් සහ සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මුලින්ම උද්ඝෝෂකයින් මරදාන ටෙක්නිකල් හන්දියට රැස්ව එතැන් සිට අලුත්කඩේ අදිකරණ පිවිසුම දක්වා පා ගමනින් යාමට උත්සහ කලත් පොලීසිය විසින් පෙලපාළි යාමට ඉඩ දිය නොහැකි බව පවසමින් එය නවත්වා දැමුණි. එම අවස්තාවේ පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය. කෙසේ වෙතත් උද්ඝෝෂකයින් වෙනත් මාර්ග වලින් සහ වෙන් වෙන්ව උසාවි සංකීර්ණය ඉදිරිපිටට පැමිණි අතර එහිදී නිහඩ විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණි.


සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...