ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! ජන හඬ අද අලුත් කඩේ උසාවි සංකීර්ණය අසළ..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද(05)දින දහවල් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී නිහඩ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කොට තිබූ අතර සරසවි සිසුන්ට අමතරව වෘත්තීය සමිති හාබහුජන සංවිධාන රැසක නයකයින් සහ සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මුලින්ම උද්ඝෝෂකයින් මරදාන ටෙක්නිකල් හන්දියට රැස්ව එතැන් සිට අලුත්කඩේ අදිකරණ පිවිසුම දක්වා පා ගමනින් යාමට උත්සහ කලත් පොලීසිය විසින් පෙලපාළි යාමට ඉඩ දිය නොහැකි බව පවසමින් එය නවත්වා දැමුණි. එම අවස්තාවේ පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය. කෙසේ වෙතත් උද්ඝෝෂකයින් වෙනත් මාර්ග වලින් සහ වෙන් වෙන්ව උසාවි සංකීර්ණය ඉදිරිපිටට පැමිණි අතර එහිදී නිහඩ විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණි.


සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...