“2023 සහ ඉන් ඔබ්බට මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති” මහ බැංකුවෙන්!

Date:

2023 හි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි ශ්‍රී ලංකාව නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරන විට, මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන එහි කෙටි හා මධ්‍ය කාලීන ප්‍රතිපත්ති මාර්ගය සහ අනෙකුත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙනහැර දක්වා ඇත.

2022 දී 8 % ක පමණ සැබෑ හැකිලීමක් වාර්තා කිරීමට පුරෝකථනය කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දෙවන භාගයේ සිට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් ඔබ්බට වර්ධන වේගය පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. “2023 සහ ඉන් ඔබ්බට මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති” යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව, රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කර ගැනීම සඳහා සිය මුදල් මණ්ඩලයේ ප්‍රධාන අභිලාෂයන් දක්වා ඇත.

අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ ආසන්න කාලීන ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සමගාමීව EFF වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කළ බවයි.

රජය සහ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණේ 2022 සැප්තැම්බර් මාසයේදීය. මේ අතර, මධ්‍ය කාලීන රාජ්‍ය ණය තිරසාරභාවය සහතික කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව මහ බැංකුව පවසයි.

සම්පූර්ණ වාර්තාව: https://www.cbsl.gov.lk/en/monetary-and-financial-sector-policies-2023

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...