“2023 සහ ඉන් ඔබ්බට මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති” මහ බැංකුවෙන්!

Date:

2023 හි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි ශ්‍රී ලංකාව නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරන විට, මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන එහි කෙටි හා මධ්‍ය කාලීන ප්‍රතිපත්ති මාර්ගය සහ අනෙකුත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙනහැර දක්වා ඇත.

2022 දී 8 % ක පමණ සැබෑ හැකිලීමක් වාර්තා කිරීමට පුරෝකථනය කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දෙවන භාගයේ සිට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් ඔබ්බට වර්ධන වේගය පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. “2023 සහ ඉන් ඔබ්බට මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති” යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව, රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කර ගැනීම සඳහා සිය මුදල් මණ්ඩලයේ ප්‍රධාන අභිලාෂයන් දක්වා ඇත.

අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ ආසන්න කාලීන ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සමගාමීව EFF වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කළ බවයි.

රජය සහ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණේ 2022 සැප්තැම්බර් මාසයේදීය. මේ අතර, මධ්‍ය කාලීන රාජ්‍ය ණය තිරසාරභාවය සහතික කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව මහ බැංකුව පවසයි.

සම්පූර්ණ වාර්තාව: https://www.cbsl.gov.lk/en/monetary-and-financial-sector-policies-2023

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...