මර්දනය නවතා වසන්තව නිදහස් කරන්න නැත්නම් අකුලාගෙන යන්න ලෑස්ති වෙන්න – අන්තරේ (VIDEO)

0
278

මර්දනය නවතා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද (05) අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු තවත් සිවිල් කණ්ඩායම් සහභාගීත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

අදට දින 140ක් පුරා වසන්ත මුදලිගේ පළිගැනීමේ චේතනාවෙන් අත්අඩංගුවේ තබාගෙන සිටින බවටයි විරෝධතාකරුවන් පවසන්නේ.

එළඹෙන 17 වැනි දින ඔහුව යළි අධිකරණය හමුවට කැඳවන අතර එදිනට ඔහුව නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවට වන හෙයින් මුදලිගේව නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ.

කෙසේවෙතත් තවදුරටත් අනිතිකව වසන්ත මුදලිගේව අත්අඩංගුවේ තබා ගන්නේ නම් ඉදිරි පාලන කාලය පසෙක තබා අකුලාගෙන යාමට සූදානම් වන ලෙස මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ජනාධිපතිවරයාට අභියෝගයක් ද සිදුකළා.

ASK