*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කළුතරින් ඇරඹූ පොහොට්ටුවේ පුංචි ඡන්දය…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (05) කළුතරින් ආරම්භ කළේ ය.

ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙනි.

කළුතර බෝ සමිඳුන් වැඳ පුදාගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පෙරවරු 10.33ට පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කළ අතර ඇප තැන්පත් කිරීමෙන් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළහ.

පා.ම.නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ,මැතිවරණයක් යෝජනා වී ඇති මොහොතක පක්ෂයක් ලෙස මැතිවරණය සූදානම් වීම සිය වගකීම හා යුතුකම බවය.

ඔහු ප්‍රකාශ කළේ, මැතිවරණයක් තියෙනවාද? කල් දානවද? යන්න ආණ්ඩුව තීන්දු කළ යුතු බවත්,රටේ ආර්ථික තත්ත්වයත් එක්ක සලකා බලා ,ආණ්ඩුවට ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයට ඒ සඳහා තීන්දුවක් ගැකීමට හැකි බවය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ(කලුතර දිස්ත්‍රික්කය) නායක පා.ම.රෝහිත අබේගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පළ කළේ ය.

2018 පෙබරවාරී 10 වැනිදා ජයග්‍රහණය කළාක් මෙන් ලංකාවේ වැඩිම කොට්ඨාස ගණනක් , ප්‍රාදේශීය සභා ගණනක් ජයග්‍රහණය කීරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත්,පක්ෂයක් ලෙසත් ඔවුන් සුදානම් බවය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා ද අදහස් පළ කරමින් කියා සිටියේ, මේ වනවිට පක්ෂ කිහිපයක් සමග එකඟතාවයකට පැමින ඇති බවත්,එසේම මේ දිනවල තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවද පැවසීය.

නමුත් සන්ධානය යටතේ අපි බොහෝ පළාත් පාලන ආයතන තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාමය සහ පොහොට්ටුව ලකුණ යටතේ බවත් ඔහු පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan