ස්වීඩනය හිමෙන් වැහෙයි! වසර 25කට පසු අධික හිමපතනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැය 24ක් පුරා ස්වීඩනයේ අධිවේගී මාර්ගයක වාහන දහසක් පමණ අධික හිමපතනයට හසු වීම හේතුවෙන් සිර වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ස්වීඩනයේ ස්කේන් පළාතේ අධිවේගී මාර්ගයක මේ හිමපතනය සිදු වී ඇති අතර, වාහන තුළ සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් දිවා රාත්‍රී මෙහෙයුමක නිරතව සිටින බව ද වාර්තා වේ.

මෙවැනි අධික හිමපතනයක් සහිත ජනවාරියක් ස්වීඩනයට උදා වී ඇත්තේ වසර 25කට පසුව බවත්, ස්වීඩනයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් ඝෘණ 43.6ක් දක්වා පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, අධික හිමපතනය හේතුවෙන් නිවාස රැසක් යටවී ඇති බවයි.

ආපදා කළමනාකරණ කණ්ඩායම් විසින් ඊයේ (04) වන විට අධිවේගී මාර්ගයේ සිර වූ මෝටර් රථ තුළ සිටි පුද්ගලයන් ඉවත් කරගැනීමට සමත් වී ඇති අතර, මේ වන විට ඉතිරිව ඇත්තේ ට්‍රක් රථ පමණක් බව ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්‍ර...

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ...