ගෞතම් අදානි නැවතත් ආසියාවේ අංක එකට

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැලඹිලි සහිත වසරකින් අනතුරුව ඉන්දියානු ධනපතියා ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුගේ හිටපු ස්ථානය නැවත ලබාගෙන ඇති බව බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය වාර්තා කර තිබේ.

අදානි සමූහ ව්‍යාපාරය මේ වන විට ඩොලර් බිලියන 97.6ක වත්කම්වලින් යුක්ත වන අතර සමස්ත ලෝකයෙන්ම ඔහු 12 වන තැනට පත්ව තිබේ. ගෞතම් අදානි මේ වන විට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපතිවන මුකේෂ් අම්බානි අභිබවා ගොස් ඇති අතර අම්බානිගේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 97කි.

2023 වසරේ ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු වන හින්ඩන්බර්ග් රිසර්ච් ආයතනය විසින් අදානිගේ වරාය-බලය සමූහ ව්‍යාපාරයට එරෙහිව ගිණුම්කරණ වංචාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමත් සමඟ අදානිගේ ධනය ඉතා සිඝ්‍රයෙන් පහළ වැටිණි. එනම අදානිට බිලියන 80 කට වඩා අහිමි විය. අනතුරුව අදානි හින්ඩන්බර්ග් රිසර්ච් වාර්තාව බොරුවක් මිස අන් කිසිවක් නොවන බව ප්‍රකාශ කරමින් පිටු 400 කට අධික ලියවිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉහළම උසාවිය සිය විමර්ශනය ඉක්මනින් අවසන් කරන ලෙස නියාමකයාට නියෝග කිරීමෙන් පසුව සහ සමූහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නොවන බව පැවසීමෙන් පසු මේ සතියේ අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් ඉහළ ගොස් තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීප සගයෙකු ලෙස සැලකෙන ගෞතම් අදානි දියමන්ති වෙළඳාමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කර පසුව Adani Enterprises පිහිටුවන ලදී. ඉන් අනතුරුව වරාය, බලශක්ති, ආදී මෙකි නොකී විශාල අංශයන් කරා විහිද ගිය වෙළඳ ජාලයක් ආරම්භ කළ ඔහු මේ වන විට 1980 ගණන්වල ඇමරිකාවේ ස්වර්ණමය යුගයේදී විශාල ඒකාධිකාරී ව්‍යාපාර ගොඩනඟා ගත් John D. Rockefeller සහ Cornelius Vanderbilt වැනි ව්‍යාපාරිකයන් සමඟ සම තැන් ලා සැලකීමට විචාරකයන් පෙළඹ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...