අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත CIDයට කැඳවයි !

Date:

අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව සහ එම පුවත්පතේ පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මහතාව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

එම පුවතේම මාතෘකාව යෙදූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...