සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 06 ,(LNW)කොළඹ :
මන්චි සුපර් ලීග් තරගාවලියේ 2024 සූරතාවය දිනා ගන්නට කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත්,පිරිමි අංශයෙන් වරාය අධිකාරී කණ්ඩායමත් සමත් වුණා.මෙහිදී වරාය අධිකාරියේ පැරණි වොලිබෝල් සංස්කෘතිය යළිත් මතකයට නංවමින් ඔවුන්ගේ කාන්තා කණ්ඩායමත් අනු සූරතාවයට හිමිකම් කීම කැපී පෙණුනා.
රාජ්‍යමය වශයෙන් නඩත්තු වෙන ආයතන දෙකක කණ්ඩායම් පිරිමි අංශයේ අවසන් තරගය නියෝජනය කිරීම කැපී පෙණුනා.ඒ වරාය අධිකාරි කණ්ඩායම සහ ලංකා විදුලි බල කණ්ඩායමයි.මේ ආකාරයටම විදේශ සේවා නියුක්ති කාර්යංශයද අති දක්ෂ කාන්තා වොලිබෝල් කණ්ඩායමක් නඩත්තු කළ ද,දේශපාලනික වශයෙන් එහි ඇති හිස් අඩු පාඩු සැකසීම වෙනුවට තලතා අතුකෝරළ කළේ එම කණ්ඩායම විනාශ කර දැමීමට කටයුතු කිරීමයි.
එම කණ්ඩායම සීසීකඩව විසිර ගිය අතර තලතාලගේම තේ කර්මන්තශාලාවලට තේ දළු සපයන පවුලක සාමාජිකාවකව සිටි,ශ්‍රී ලංකාවේ ඒ මොහොතේ සිටි දක්ෂතම ක්‍රීඩිකාව වූ ලීනා සඳමාලි සෝමරත්නගේ සේවය ඒ අනුව රටට අහිමි වූ අතර අද ඇය සාමාන්‍ය සේවිකාවක් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවය කරනවා. අඩුම තරමේ ආයතනය වෙනුවෙන් ඇය උපයා දුන් කීර්තියවත් සැළකිල්ලට නොගෙන ඒ මේ අතට මාරු කරන්නියක ලෙස පසුගිය කාලයේ සිය පවුල සමග රැදීමේ අභියෝගයෙන් ඇය පීඩා විදිමින් සිටි අතර මේ වන විට හෝ ඇයට විදේශ සේවා ආයතනය වෙනුවෙන් කළ සේවයට සැළකිල්ලක් හෝ දක්වන්නේදැයි දැන ගන්නට නැහැ.
සඳමාලිමය ආලෝකය මැකී අඳුරේ ගිලි යාම සිහියට නැඟුණේ සමහර විට ජාතිකමය වටිනාකමක්,කිර්තියක් ආයතනය වෙනුවෙන් උපයා දෙමින් සිටින විදුලිබල ක්‍රීඩකයින්ගේ හැකියාව ද දේශපාලනමය වශයෙන් විසන්ධි වීමට තීරණයක් ඒ දැයි සැක මතු වූ නිසයි.ඒ කාලයෙන් කාලයට සිඳුවන විපර්යාස ඇතුළේ සාමාන්‍ය තත්ත්වය වී ඇති අතර වරාය අධිකාරිය සතුව සිටින ක්‍රීඩකයින්ගේ ද රැකියා ස්ථීරත්වයේ ගැටළුව තවමත් පවතිනවාද යන්න සොයා බලා,ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුත් දේශපාලනමය වශයෙන් ක්‍රීඩා වගකීමක් දරණ රජයක් හැටියට ඔවුන්ට සාධාරණය කළ යුුතු නිසයි.මේ ගැන කිසිඳු හේතුවක් නැතුව ඉන්දියාවේ ගුවහටිවලදී නියෝජ්‍ය අමාත්‍ය සුගත් සහ මා අතර ජනිත් සුරත් සම්බන්ධ කතාබහකදී කම්පාව හුවමාරු කරගත් අතර ඒ කම්පනයෙන්ම අද ද මේ ගැන සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරට එනු ඇතැයි විශ්වාස කළ හැකියි.(සුගත් එවකට මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා)
ලකුණු 25-12, 25-20, 14-25, 25-19 ලෙස වට 3-1 ලෙස ගුවන් හමුදාව වරාය අධිකාරිය පරාජය කරමින් ජයගත් කාන්තා අවසන් තරගයෙන් අනතුරුව විශේෂ දක්ෂතා සැළකිල්ලට ගෙන ඇගයීම් සිඳු කළ ආකාරය පහත දක්වා තිබෙනවා.
හොඳම පිටත පහර දෙන්නිය – 1 වාසනා මදුමාලි – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
හොඳම පිටස්තර පහර දෙන්නිය – 2 දිනේෂා ප්‍රසාදනි – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව – 1 චතුරිකා ගයනි රණසිංහ – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
හොඳම මැදපෙළ ක්‍රීඩිකාව – 2 භාෂිනි – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
හොඳම ආවරණ ක්‍රීඩිකාව – අමානි කෞෂල්‍යා – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
හොඳම පන්දු සැකසීම-ජේ.ඩබ්ලිව්.පී.තුෂාරි – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
හොඳම ලිබරෝ – දිලුෂා සංජීවනී – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
වටිනාම ක්‍රීඩිකාව- චතුරිකා ගයනි රණසිංහ – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
වරාය අධිකාරිය සහ විදුලි බල මණ්ඩලය අතර පැවති තරගය බලාපොරොත්තු වූ තරමට වඩා පහසුවෙන් තමන් සතු කර ගනිමින් වරාය කණ්ඩායම 3-0 ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 25 – 19,25-22 සහ 25 -21 ලෙසයි.එහිදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් වෙත ඇගයීම් පිරිනැමුණේ පහත ආකාරයටයි.
හොඳම පිටත පහර දෙන්නා – 1 ෂෙහාන් ලක්ෂිත බණ්ඩාර – ලංකා විදුලිබල මණ්ඩලය
හොඳම පිටත පහර දෙන්නා – 2 කවිඳු පබසර චන්ද්‍රසිරි – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – 1 රුමේෂ් දිසානායක – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – 2 අයේෂ් දිල්හාන් පෙරේරා – ලංකා විදුලිබල මණ්ඩලය
හොඳම ආවරණ ක්‍රීඩකයා – කවිශ්ක ජයසුන්දර – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
හොඳම සකසන්නා – මලේෂා රවිශාන් ජයවර්ධන – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
හොඳම ලිබරෝ – ෂෙහාන් විමුක්ති සාගර – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
වටිනාම ක්‍රීඩකයා – ලසිඳු මෙත්මල් වසන්තප්රිය – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද රජයේම නියෝජනයක් බැවින් ජාතික ක්‍රීඩාවේ 2024 සූරතා ජාතික වගකීමෙන් වැඩි කොටසක් දරන රාජ්‍ය යාන්ත්‍රණයේම කොටස්වලට හිමිවීම කැපී පෙණුනා.දෙ‘අංශයේම තෙවන තැන යුද හමුදා කණ්ඩායම් සතු වූ අතර කාන්තා අංශයේ සිව්වන තැන මාස් කැෂුවලයින් ද පිරිමි අංශයේ සිව්වන තැන ඕෂන් ලංකා ද දිනා ගනු ලැබුවා.මෙය ද රජයේ අවධානය යොමු විය යුතු,ඇගළුම් කේෂ්ත්‍රයේ කැපවීම ක්‍රීඩාවට ද යොමු වී ඇති බව පෙන්වන සාධකයක්.