ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු කාලය තුළ ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැඩිව උපදෙස් දී තිබෙනවා.

මේ වන විට ජපානයේ සිටින චීන සංචාරකයින්ගේ ආරක්ෂාව සමීපව නිරීක්ෂණය කරමින් ස්වයං ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

හදිසි අවස්ථාවක් සිදු වුවහොත් වහාම පොලීසියට වාර්තා කරන ලෙසත් සහාය සඳහා ජපානයේ චීන තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය අමතන ලෙසත් එම අමාත්‍යංශය උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

චීන විදේශ අමාත්‍යංශය ද පසුගිය 14 වැනිදා අදාළ උපදෙස් නිකුත් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී