සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ දිනවල චීනයේ ඉහළ යමින් පවතින හියුමන් මෙටප්නියුමෝ වයිරසය (HMPV) ඉන්දියාවෙන් ද වාර්තා වෙයි. ඒ බෙංගාලෝර් හි වන අතර මේ දක්වා අවස්තාවන් දෙකක් මේ වෛරසය පිළිබඳ වාර්තා වී ඇති බවට පැවසේ.
රෝහලේදී සුවය ලබමින් සිටින මාස අටක දරුවෙකු සහ දැනට පිටව ගොස් ඇති මාස තුනක දරුවෙකු මෙලෙස ඉන්දියාවේ පළමු HMPV ආසාදනය වූවන් ලෙස වාර්තා වේ.
මේ වන විට චීනය HMPV වසංගතයක් ලෙස පැතිරී යන අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවන පෝස්ටු වලට අනුව, ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ COVID-19 ඇතුළු බහුවිධ වෛරස් රැසක් චීනයේ සංසරණය වන බව පැහැදිලි වේ.
HMPV වෛරසය ප්‍රථම වරට 2001 දී හඳුනාගනු ලැබුවේ, උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන ශ්වසන ආසාදනයක් ලෙසිනි. එය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට බලපෑ හැකි අතර, කුඩා දරුවන්ට (අවුරුදු 5 ට අඩු), වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට එමඟින් වැඩි අවදානමක් ඇත.
චීනයේ මේ වනවිට ශ්වසන රෝග සමඟ පොරබදමින් සිටින පුද්ගලයින්ගෙන් රෝහල් පිරී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.