මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)

Date:

එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ඊයේ මම මාතලේදී කරපු කතාව ගැන මගේ හිතවත් හුඟ දෙනෙක් කතා කරලා කිව්වා ‘ටොපේ ටොප් කතාව’ කියලා. තවත් සමහරු කීපදෙනෙක් මට කතා කරලා කිව්වා ‘කතාව ටිකක් සැර වැඩියි නේද ?’ කියලා. මම කතාව සැරට කරලා පෙන්නුවේ අපටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්නන්නයි. මොකද සමහර අය හිතාන ඉන්නවා බෑ කියලා.

සමහර අයට ලොකූවට දැන් බලය තියෙනවායි කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා. මේ රටේ දේශපාලනය 1956 බණ්ඩාරනායක මැතිතුමාගෙ ආණ්ඩුවෙ ඉඳලා මේ ආණ්ඩුව දක්වාම සියලු ආණ්ඩු සන්ධාන ආණ්ඩු, පෙරමුණු ආණ්ඩු. කවුරුවත් තනියෙන් හදපු ආණ්ඩු නෙවෙයි. මම හිතන්නෙ නෑ මේ රටේ ජනතාව මේ කාලයේ විඳින දුකේ හැටියට දේශපාලනඥයින්ට රැවටිලා ඊළඟ අවස්ථාව ඡන්දෙ දෙයිද කියලා.

තමුන්නාන්සෙලා මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පහුගිය අවුරුදු 15ක් 20ක් ඡන්දෙ දීලා තියෙනවා. හැබැයි හොරු නැති ආණ්ඩු හදන්න තමුන්නාන්සෙලා ඡන්දෙ දෙනවා, ඡන්දෙ ගත්තාට පස්සෙ ආණ්ඩුව හොරුන්ගෙ ආණ්ඩුවක් බවට පත්වෙනවා. මට යූඑන්පී එකත් එක්ක බොහොම ලස්සනට ගමනක් යන්න තිබුණා හොරුන්ට විරුද්ධව මම පියවර ගත්තෙ නැත්නම්. මහබැංකු වංචාවට මම ජනාධිපති කොමිසම දැම්මෙ නැත්නම් කිසිම ගැටුමක් ආණ්ඩුවෙ නැහැ. දේශපාලනයේ ඉන්න හොරකම් කරන එවුන් එකෙකුට ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔක්කොම එකතුවෙලා ඌව බේරගන්න පනිනවා. දැන් මට වුණේ ඒකයි. විශේෂයෙන්ම මගේ ආණ්ඩුවෙ හිටපු හොරු, රනිල් වික්‍රමසිංහ මහත්තයලාගෙ කණ්ඩායමයි, මහබැංකුව කඩපු හොරුයි අද ඉන්න පොහොට්ටුවෙ නායකයොයි ඔක්කොම එකතුවෙලා මට ගැහුවා.

මම පැහැදිලිව කියන්නට ඕනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ, අපට එහෙම යන්න වුවමනාවකුත් නෑ. දැන් අපේ ප්‍රතිපත්ති මාලාව, ජාතික වැඩපිළිවෙල, මේ ඔක්කොම හදලා අපි රටට ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙලත් එක්ක කවුද එකතු වෙන්නෙ, ආන්න ඒ එකතුවීමට තමයි අපේ එකතුව තියෙන්නෙ. එහෙම නැතුව අපි කාගෙවත් නැට්ට වෙන්නෙ ලෑස්ති නෑ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕනෙ”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) අනුරාධපුරයේ පැවති ශ්‍රීලනිප දිස්ත්‍රික් සම්මේලන රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...