Friday, March 31, 2023
spot_img

Latest Posts

ගෑස් අලෙවියත් පොලීසියට – පෝලිමේ සිටි අය ක්ලාන්ත වී ඇද වැටෙයි

මේ දිනවල ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පුද්ගලයන්ට අළුයම 01 සිට පෝලිම්වල සිටීමට සිදුව ඇති අතර පැය ගණන් පෝලිමේ සිට ගෑස් නොමැතිව ආපසු හැරී යාමට සිදු වූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ.

ඊයේ දිනයේදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර ගෑස් නොමැතිවීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇති විය. අවසානයේදී පොලීසිය මැදිහත් වී ගෑස් අලෙවිය සිදුකර තිබේ.

ගෑස් තොග රැගෙන පැමිණි ලිට්‍රෝ සමාගමේ ලොරි රථය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පොලීසිය තුළදී ගෑස් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් අලෙවි කිරීම සඳහා පොලීසිය මැදිහත් වූ සිදුවීම් රැසක් පසුගිය කාලයේදී වාර්තා විය.

පෝලිමේ සිටි පුද්ගලයෙකු ක්ලාන්ත වීම නිසා ඇදවැටී ඇති අතර ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.