ගෑස් අලෙවියත් පොලීසියට – පෝලිමේ සිටි අය ක්ලාන්ත වී ඇද වැටෙයි

Date:

මේ දිනවල ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පුද්ගලයන්ට අළුයම 01 සිට පෝලිම්වල සිටීමට සිදුව ඇති අතර පැය ගණන් පෝලිමේ සිට ගෑස් නොමැතිව ආපසු හැරී යාමට සිදු වූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ.

ඊයේ දිනයේදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර ගෑස් නොමැතිවීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇති විය. අවසානයේදී පොලීසිය මැදිහත් වී ගෑස් අලෙවිය සිදුකර තිබේ.

ගෑස් තොග රැගෙන පැමිණි ලිට්‍රෝ සමාගමේ ලොරි රථය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පොලීසිය තුළදී ගෑස් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් අලෙවි කිරීම සඳහා පොලීසිය මැදිහත් වූ සිදුවීම් රැසක් පසුගිය කාලයේදී වාර්තා විය.

පෝලිමේ සිටි පුද්ගලයෙකු ක්ලාන්ත වීම නිසා ඇදවැටී ඇති අතර ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...