වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව කල්යයි

Date:

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර සිරකරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වූ එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජනවාරි 12 වනදා දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (06) නියම කළේය.

මෙම තීන්දුව අද දිනයේදී ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද දිනයේදී දැනුම් දුන්නේ එම තීන්දුව සූදානම් කරගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශයට පත්කිරීම ජනවාරි 12 වනදා දක්වා කල්තබන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...