ආර්ථිකය වැටිලා නං 5000 ගානෙ දෙන්නෙ කොහොමද ? – ජොන්ස්ටන්

Date:

රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා අද වනවිට පුස්සක් වී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ජනතාවට ඇඟට දැනෙන සහන පැකේජයක් ලබාදීම තුළින් ආර්ථිකය තවමත් ශක්තිමත් බව ඔප්පු වන බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, සමෘද්ධිලාභීන්ට සහන ලබාදීමට ගත් තීරණය හදිසියේ ගත් එකක් නොව ඉතා සැළසුම් සහගතව සිදුකළ එකක් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව සුදුසු අවස්ථාවේදී සුදුසු තීරණ ගන්නවා මිස ඒ පිළිබඳව අඬබෙර ගසමින් නොයන බවද ඔහු සඳහන් කරනවා.

පුස්වෙඩි තැබීමට පමණක් දන්නා විපක්ෂය සහන පැකේජය සම්බන්ධයෙන්ද විවිධ දුර්මත පතුරුවමින් සිටින බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ සහන පැකේජය ලබාදීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බවයි. ඒ නිසා සීමාවකින් තොරව මුදල් අච්චු ගසන බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පවසනවා.

ජනවාරි 15 වැනිදා වනවිට රට බංකොලොත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළද ජනතාවට සහන ලබාදෙමින් මහා පරිමාණ සංවර්ධන කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ජනවාරි 15 වැනිදා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමටද සැළසුම් කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...