කසකස්ථානයේ හදිසි තත්වයක් – කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – තත්වය පාලනය කිරීමට අසල්වැසි රටවලින් සහාය ඉල්ලයි

Date:

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කසකස්ථානයේ හටගත් අර්බුදකාරී තත්වය මේ වනවිට දරුණු මට්ටමකට උත්සන්න වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වන එරට ජනතාව රාජ්‍ය ආයතනවලට ගිනි තබමින්, වාහනවල ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටී.

තත්වය පාලනය කරගත නොහැකිව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වී ඇති අතර එරට ජනාධිපති ජොමාර්ට් ටකායෙව් රටේ තත්වය පාලනය කරගත නොහැකිව අන්ත අසරණ වී සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

තත්වය පාලනය කර ගැනීම සඳහා කසකස්ථාන් ජනාධිපතිවරයා රුසියාව ඇතුළු අසල්වැසි රටවලින් ආධාර ඉල්ලා තිබෙනවා. පැරණි සෝවිට් රටවල ආරක්ෂක සන්ධානය මගින් කසකස්ථානයට සාම සාධක හමුදා යැවීමට මේ වනවිටත් තීරණය කර ඇති බවයි ආර්මේනියානු අගමැතිවරයා පවසා තිබෙන්නේ. සීමිත කාලයක් සඳහා එම කණ්ඩායම කසකස්ථානය වෙත යවන බවද අගමැතිවරයා සඳහන් කරනවා.

කසකස්ථාන් ජනතාවගේ ප්‍රබල විරෝධය එල්ල වී තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයාටත් වඩා හිටපු ජනාධිපති නූර්සුල්තාන් නසර්බයෙව්ටයි. දශක තුනකට ආසන්න පාලනයකින් පසුව ඔහු 2019 වසරේදී බලය අත්හළ අතර කෙසේ නමුත් ඔහු වත්මන් පාලනයේද සැළකිය යුතු මැදිහත්කරුවෙකු වේ.

විරෝධතාකරුවන් පවසන්නේ දශක තුනකට ආසන්න නසර්බයෙව්ගේ ක්‍රියාකලාපය වත්මන් සියලු ගැටලුවලට හේතු වී ඇති බවයි. විරෝධතාකරුවන් විසින් මේ වනවිට අල්මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපල ඇතුළු ස්ථාන කිහිපයක බලය අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආකාශ් යළි ක්‍රියාත්මක වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: යාපනය හාර්ට්ලි විද්‍යාලය නියෝජනය...

15 දෙනෙකුට මරු කැඳවූ අනතුර සිදුව ඇත්තේ බස් රථය ජීප් රථයක හැපීමෙන් – ජීප් රියදුරු අත්අඩංගුවට !

ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුර...

අකල් වෘධ තරුණයා ; KK

අකල් වෘධ තරුණයා උපන් දා හැන්දෑවෙ කාන්සියෙබලන් වැඩ සිටින...

ඉසුරි සහ සිතුමි සිය වයස වගෙ දෙගුණයක යුගලයක් පරදා අවසන් 8 දක්වා පැමිණෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: ලොව කණිෂ්ඨ කාන්තා යුගල...