*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමෙන් පසු කල්තැබීමේ විවාදයක් ඕනෑ – රනිල්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබාදෙන ලෙස එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙන්නේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්විය යුතු බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගන්නා පක්ෂ නායක කමිටුව මේ වනවිට අහෝසි වී ඇති බැවින් කල්තැබීමේ විවාදය ජනවාරි 19,20,21 යන දිනවලින් සුදුසු දිනයකදී පැවැත්වීම සුදුසු බවද එජාප නායකයා යෝජනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සමග වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ඔහු ලිඛිතවද සභානායකවරයා දැනුවත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසු මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස සිදු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan