Wednesday, March 22, 2023
spot_img

Latest Posts

මැක්‍රොන්, එන්නත් නොගත් අයව හිරේ දමන්නට සැරසෙයි!

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන අය පිළිබඳ දැඩි‌ ලෙස කෝපයට පත් ව සිටියි.ගෝලීය වසංගතය පැරදවීමට තමන්ට ක්‍රමෝපායක් තිබෙන බවත්, එන්නත්කරණයට ලක් වීම ප්‍රතික්ෂේප කරන අයව සිරගත කිරීමට තමන්ට අවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ප්‍රංශ මාධ්‍ය වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ,

”The unvacciated, i really want to piss them off”!

යනුවෙනි.

”එන්නත නොගත් අය හිරේ යවන්න මට අවශ්‍යයි. එන්නත තමයි විසඳුම. ජනවාරි 15 වැනිදායින් පස්සෙ එන්නත නොගත් අයට අවන්හලකටවත් සිනමා ශාලාවකටවත් යන්න බැරි වෙයි..” යනුවෙන් ද ඔහු පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදයක දරුණුම සතුරන් වන්නේ බොරුව සහ මෝඩකම බව ද ඔහු පැවසුවේය.

මේ වන විට මැක්‍රොන්ගේ කෝපය, ලොව පුරා ශීර්ෂ පාඨ මවමින් තිබෙන අතර, ප්‍රංශය තුළින් ඔහුට එරෙහිව විශාල විරෝධයක් ද ක්‍රමිකව ගොඩ නැගෙමින් තිබේ.

Macron declares his Covid strategy is to ‘piss off’ the unvaccinated නමැති ගාඩියන් ශීර්ෂපාඨයට අනුව, ගෝලීය කෝවිඩ් වසංගතය පැරදවීමට මැක්‍රෝන්ට තිබෙන ක්‍රමෝපාය එන්නත් නොගත් අයට එසේ සැලකීමයි!

ප්‍රංශ මාධ්‍ය විසින් මේ පුවත වාර්තා කර තිබුණේ, ”මැක්‍රොන්, එන්නත නොගත් අයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කරයි” යනුවෙනි.

ප්‍රංශය විසින් ලබන මාසයේ පටන් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුල් වීම සඳහා ‌’හෙල්ත් පාස්’ කාඩ්පතක් අනිවාර්ය කිරීමට සැරසෙන අතර, එයට අදාළ නව නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත ව ඇත. මෙය ලබාගත හැක්කේ පූර්ණ වශයෙන් වැක්සින්කරණයට ලක් වූ අයට පමණකි.

මැක්‍රොන් ජනපති පදවිය භාරගත් අවධියේද ‘කට සැර’ කතා කීම සම්බන්ධයෙන් දේශපාලන විරුද්ධවාදීන් අතර විවේචනයට ලක් විය. මේ අතර, අප්‍රේල් මාසයේදී ඔහු දෙවැනි ධුර කාලය සඳහා ඉදිරිපත් වීමට ද නියමිත ය. ප්‍රංශයෙන් 90%ක් මේ වන විට එන්නත්කරණයට ලක් කර තිබෙන වටපිටාවක ඔහුගේ ප්‍රකාශය, ජනාධිපතිවරණයක් අප්‍රේල් මාසය වන විට පැවැත්වීමට නම් ප්‍රංශය කෝවිඩ් සටන දිනා තිබිය යුතු බවට කරන බලකිරීමක් ද යන විවේචනය ද ‌මේ අනුව ගොඩනැගෙමින් තිබේ.

මේ අතර අද දිනයේ වාර්තා වන්නේ ප්‍රංශයේ රෝගීන් 12 දෙනෙකුගෙන් B.1.640.2 නමැති නව කෝවිඩ් ප්‍ර භේදයක් ද අනාවරණය වී ඇති බවයි. විකෘතිතා 46 ක් අඩංගු මෙය ඔමික්‍රෝන්වලට වඩා ඉහළ ආසාදන මට්ටමක් වාර්තා කරන අතර, එන්නත්වලට ද පිළිතුරු දෙන්නේ නැත.

ඒ අනුව එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන අයව හිරේ දැමීම විසඳුම නොවන බව මැක්‍රෝන් දැන්වත් වටහාගත යුතුව තිබේ.

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.