ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි – වෘත්තීය ක්‍රියාමාර්ගත් අවසන්! (VIDEO)

Date:

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමේ පළමු අදියර පරිදි චක්‍රලේඛය නිකුත් වීම හේතුවෙන් ජනවාරි 22 දක්වා අත්හිටුවා තිබුණු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කර තිබෙන නමුත් සමස්තය ජයග්‍රහණය කරන තෙක් අරගලය අත්නොහරින බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළහ.

ඒ, අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙන ගිය අරගලයට සෙසු රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති වලිනුත් ලැබුණු සහය මත මෙලෙස යාම ජයග්‍රහණයක් ලැබීමට හැකි වූ බවයි.

සිය අරගලය තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර තිබුණු මොහොතක අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත අයවැයෙන් මුදල් වෙන් කර කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් හරහා වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙලෙස රජය මැදිහත් වී තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...